සිරිසීලරතන දම් විදුහල් මෑණී සැරදේවා බෝ කල්

සිරි සීලරතන දම් විදුහල් මෑණී සැරදේවා බෝ කල්

අපේ ඉතිහාසය

                    වලව්වත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහරාධිපති ලෙස 1974 වර්ෂයේ සිට කටයුතු කරන පූජ්‍ය අරුග්ගොඩ සිරිරතන ස්වාමීන් වහන්සේගේ මූලික මග පෙන්වීම මත එකල දායක සභාවේ කටයුතු කල ආරියපාල ප්‍රේමරත්න පතිරගේ, හේමාලි ලියනාරච්චි යන අයගේ ඉල්ලීම පරිදි 1978.07.02 දින වලව්වත්ත සිරි සීලරතන දහම් පාසල යන නමින්  අප දහම් පාසල ආරම්භ කරන ලදි. එය  1979.01.04 දින සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අංක ක/ 338 යටතේද, 1979.08.13 දින තරුණ බෞද්ධ සංගමයේ අංක ක/ 3528  යටතේද ලියාපදිංචි කර ඇත.

                   


         දහම් පාසලේ ආරම්භක උත්සව අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝපිත ස්වාමීන් වහන්සේ, මහවත්ත 
   වජිරාරාමයේ විහාරාධිපති වජිර ස්වාමීන් වහන්සේ  යන ස්වාමීන් වහන්සේලා වැඩම කරන ලදි.      







           දහම් පාසලෙහි ආරම්භක ගුරු මණ්ඩලය දොළොස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර 1 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා  සිසුන් 125 දෙනෙකු ඇතුළත් විය. මෙහිදී පළමු සිසුවා වශයෙන් දහම් පාසලට  ඇතුළත් වීමට ශ්‍රීධර අසේල අභයපාල යන අය භාග්‍යවන්ත විය.

  දහම් පාසලෙහි ආරම්භක ගුරු මණ්ඩලය
  • අරුග්ගොඩ සිරිරතන ස්ථවිර (ප්‍රධානාචාර්‍ය)
  • රුබේරු මහත්මා.
  • ධර්මා සෙනෙවිරත්න මහත්මිය.
  • හේමාලි ලියනාරච්චි මහත්මිය.
  • අයි. හෙලේනාහාමි මහත්මිය.
  • ඇම්. එස්. මත්තෙස් මහත්මිය.
  • කේ. වර්ණකුලසූරිය මහත්මිය.
  • එච්. ලිලියන් මංගලිකා මහත්මිය.
  • හේමා ද සිල්වා මහත්මිය.
  • එච්. එච්. ගමගේ මෙනෙවිය.
  • පී. ආරියරත්න මහත්මා.       
  • ඩී. විතානගේ මහත්මා. 

No comments:

Post a Comment